Gossips

තහනම් කළ අමුතු චිත්‍රපටය සිනමාව උඩුයටිකුරු කරමින් ප්‍රදර්ශනය අරඹයි

ලෝකෙම අවධානය දිනාගනිමින් 2014 වසරේ තිරගත වීමට තිබූ අමුතුම චිත්‍රපටයක් පිළිබඳව සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස විශේෂ අවධානය යොමුවූ චිත්‍රපටය වන්නේ Unfreedom නම් චිත්‍රපටයයි.
ප්‍රදර්ශනය තහනම් කර තිබූ එම නිර්මාණය වෙත නැවත ලෝකයේම අවධානය යොමුව ඇත්තේ එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟයි.
ඉන්දීය චිත්‍රපටයක් වන Unfreedom කිහිප අවස්ථාවකදීම Central Board of Film Certification විසින් තහනම් කෙරුනා.
මෙලෙස එම නිර්මාණය තහනම් කෙරුනේ එහි අන්තර්ගත අතිශය කාමුක දර්ශන හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් එම නිර්මාණය මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සුප්‍රසිද්ධ ආයතනයක් විසින් ප්‍රදර්ශනය කිරීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි නැවතත් ඒ වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.
අතිශය සරාගී දර්ශන හේතුවෙන් මෙලෙස තහනමට ලක්වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන රාජ් අමිත් කුමාර් ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මෙවන් පුළුල් අවස්තාවක් ලැබීම පිළිබඳව තමන් අතිශය සතුටට පත්වන බවයි.
මේ අතර අදාළ නිර්මාණය සඳහා ජාත්‍යන්තර සම්මානයක් පවා හිමිව තිබීම තවත් විශේෂත්වයක්.