තහනම් උත්තේජක ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ක්‍රීඩා කිරීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වන වගන්තියට අනුව පසුගිය දා තහනම් උත්තේජක ලැයිස්තුවක් ගැසට් කරනු ලැබුවා.
පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා විසින් ඊයේ (23) මෙලෙස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ එම තහනම් උත්තේජක පිළිබද ගැසට් නිවේදනයයි.