Gossips

තවමත් පාසල් යන මන්ත්‍රීවරිය

නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව සදහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක් ලෙස 18 හැවිරිදි පාසල් සිසුවියක් තෝරා පත්කරගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඇය නාත්තණ්ඩිය ධමිමිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන චන්දි ප්‍රභා තෙන්නකෝන් පාසල් සිසුවියයි.
මේ වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස්පෙළ විභාගයට මුහුණ දීමට ද ඇය මේ වනවිට සුදානමින් පසුවනවා.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇය කුඩාවැව කොට්ඨාශයට තරඟ කල නමුත් ඇයට ජයග්‍රහණය කිරීමට හැකි වී නැහැ.
නමුත් කුඩාවැව කොට්ඨාශය තුල ඇයට හිමි වූ ඡන්ද ප්‍රතිශතයට අනුවයි මෙම මන්ත්‍රී ධුරය සදහා තොර ගෙන ඇත්තේ.
උපන් දේශයට සේවය කිරීම සහ ගමේ ජනතාවගේ ඇති ප්‍රශ්න සදහා විසදුම ලබාදීමට කටයුතු කිරීම තමන්ගේ එකම අරමුණ බවයි ඇය අප සමඟ පවසා සිටියේ.