Gossips

තවත් හිරු පුවතක් ඵල දරයි

ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ජීවත්වීමට වරම් ලැබු දරුවෙකුගේ අනාගතයට පිළිසරණක් පැතූ මවක් පිළිබඳව අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.
හිරු අනාවරණයෙන් පසු එම දරුවාට පිහිටක් වන්නට පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.
පස්සර ප්‍රදේශයේ පදිංචි මල්ෂාන් ඩිලංක පුතු පිළිබදව හිරු ප්‍රවෘත්ති තුලින් අපි රටට අණාවරණය කළේ පසුගිය 13 වනදායි.
ස්නායු රෝගයකින් පෙළෙන මල්ෂාන්ට ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ඔක්ෂිජන් යන්ත්‍රය අත්‍යවශ්‍ය බව අප එහිදී පෙන්වා දුන්නා.
මල්ෂාන්ට ලෝකය දකින්නට එදා ඔහුගේ අම්මා කළ ඉල්ලීම අද මල්පල ගැන්වී තිබෙනවා.
මාතර, දෙවිනුවර ප්‍රදේශයේ ජී.ඒ. ජගත් සහ ජී.ඒ. අජිත් යන දෙදෙනා පසුගියදා මල්ෂාන්ගේ නිවසට පැමිණියේ ඔවුන්ගේ මුවගට හිනාවක් කැන්දමින්.