Gossips

තවත් හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු ජනපති කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
ඒ පසුගිය දා ඔවුන්ට මෙම කොමිසම නිකුත් කළ නොතීසියට අනුවයි.
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මොවුන්
මෙම කොමිසම හමුවට කැදවා තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද අද උදෑසන මෙම කොමිසම වෙත පැමිණියා.