Gossips

තවත් සද්දන්තයෙක් අභිරහස් ලෙස මියයයි

පොලොන්නරුව වැලිකන්ද කුරුළු බැද්ද ප්‍රදේශයේ කුඹුරක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද උදෑසන වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
මෙම වසරේ වැලිකන්ද ප්‍රදේශයේ මියගිය පස්වන වන අලියා බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 35ක් වන අතර මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම වන අලියා මිය යාමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.
වැලිකන්ද වන ජීවී නිලධරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

rnrnrnrnrn