පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම ප්රදේශයේ වැව් රක්ෂිතයක මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් අද සොයා ගැනුනා.
වැලිකන්ද වනජීවී කාර්යාල නිලධාරීන් සඳහන් කළේ අද දහවල් සොයාගත් මෙම වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන අයෙක් බවයි.
එම සත්වයා උසින් අඩි 8 ක් පමණ වන බව ද සඳහන්.
වන අලියා මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමකින් බවට සැක කෙරෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්රදේශවාසීන්ගෙන් ප්රකාශ ලබාගෙන තිබෙනවා.
වැලිකන්ද වනජීවී කාර්යාලය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර
