Gossips

තවත් රාජකීය මංගල්‍යයක් (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ මිණිබිරියක වන ඉයුජීන් කුමරිය ඊයේ විවාහ ගිවිස ගත්තා.
වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවති විවාහ මංගල්‍යයේ දී ඇය හා අතිනත ගත්තේ ඇගේ දිගුකාලීන සහකරු ජැක් බෲක්ස්බෑන්ක් සමඟයි.
32 හැවිරිදි ජැක්ට 28 හැවිරිදි ඉයුජීන් කුමරිය මීට සත් වසරකට පෙර මුණ ගැසී ඇත්තේ ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවල නිරත වන විටයි.
එළිසබෙත් රැජිණගේ පුත් ඇන්ඩෘ කුමරුගේ සහ සාරා ෆර්ගසන්ගේ දියණිය වන ඉයුජීන් කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන 9 වන තැනැත්තියයි.
ඊයේ පැවති විවාහ මංගල්‍යයට රාජකීය පවුලේ සාමාජිකයන් එක්ව සිටි අතර, ජෝර්ජ් කුමරු ද මල් කුමරෙකු ලෙස ඊට එක්ව සිටියා.