රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150ක් පමණ වූ පැමිණිලි අතුරින් බරතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවේ සේවක පිරිසක් රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකිරීම, මානව සම්පත් නියෝජ්‍ය කළමනාකාරවරයා සහ ප්‍රවාහන බෙදා හැරීම් අංශයේ ප්‍රධානියා දූෂිත අන්දමින් අයථා ලෙස අත්තිකාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම විමර්ශනය කිරීමට නියමිතයි.
එමෙන්ම, කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛවලට පටහැනිව ප්‍රජා මණ්ඩල සඳහා කොන්ත්‍රාත් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.