කිලිිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දෙකක නිල ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත්වී තිබෙනවා.
ඒ පුන්කර්නි සහ පච්චිලායිපල්ලි ප්‍රාදේශීය සභාවලයි.
පච්චිලායිපල්ලි ප්‍රාදේශීය සභාවේ ආසන 6 ක් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමිව ඇත්තේ ඡන්ද 2953 ක් ලබා ගනිමින්.
ස්වාධීන කණ්ඩායමක් ඡන්ද 2070 ක් ලබා ආසන 4 කට හිමිකම් කියනවා.
සමස්ත ලංකා දමිළ කොන්ග්‍රසයට එක් ආසනයක් ලැබී තිබෙනවා.
ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 651 ක්’ ඊ පී ඩී පී සංවිධානය ද ඡන්ද 465 ක් ලබා එක් ආසනයක් දිනාගෙන තිබෙනවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුන්කර්නි ප්‍රාදේශීය සභාවේ ද ප්‍රතිඵල නිකුත්වුනා.
ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 5807 ක් ලබාගෙන තිබෙනවා.
ඔවුන්ට එම ප්‍රාදේශීය සභාවේ ලැබී ඇති ආසන සංඛ්‍යාව 11 ක්.
ස්වාධීන කණ්ඩායමක් ඡන්ද 2429 ක් ලබා ආසන 4 කට හිමිකම් කියනවා.
එක්සත් ජාතික පක්ෂයට ද ආසන දෙකක් ලැබී තිබෙනවා.
ඒ ඡන්ද 1260 ක් ලබා ගනිමින්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 945 ක් ලැබී ඇති අතර ඔවුන්ට පුන්කර්නි ප්‍රාදේශීය සභාවෙන් ලැබුනු ආසන සංඛ්‍යාව 1 ක්.
මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ද නිකුත්වුනා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 6292 ක් ලැබී තිබෙනවා.
ස්වාධීන කණ්ඩායමක් ඡන්ද 2833 ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 2636 ක් ලැබී තිබෙනවා.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2067 ක්.
අම්පාර අඩ්ඩාලච්චේනයි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල ද නිකුත් කෙරුනා.
එහිදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 11361 ක් ලබා ආසන 8 කට හිමිකම් කියනවා.
ජාතික කොන්ග්‍රසය ආසන 6 ක් ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද 7453 ක් ලබා ගනිමින්.
ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රසය ඡන්ද 4384 ක් ලබාගත්තා.
ඔවුන්ට අඩ්ඩාලච්චේනයි ප්‍රාදේශීය සභාවේ ආසන 3 ක් හිමිවුනා.
පොදුජන පෙරමුණට එක් ආසනයක් ලැබී ඇත්තේ ඡන්ද 779 ක් ලබා ගනිමින්.
