Gossips

තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනවාරි මුල දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ලබන වසරේ ජනවාරි මුල් සතියේ දිවුරුම් දීමට නියමිතයි.
රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පෞද්ගලික විදෙස් සංචාරය අවසන් කර ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු ඊට අදාළ කටයුතු සිදුවනු ඇති බවයි.
කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකු පසුගිය සිකුරාදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40 නොඉක්ම විය යුතුයි.
ඒ අනුව තවත් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාතවරුන් 16 දෙනෙකුට දිවුරුම් දීමට අවස්ථාව පවතිනවා.