Gossips

තවත් දෙසතියක් උණුසුම්

දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන 20 වනදායින් පසු පහව යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අන්තර් මෝසම් කාලයේ පවතින මෙම තත්ත්වය මීට පෙර අවස්ථාවලට වඩා මෙවර වැඩි බලපෑමක් එක් කර ඇති බවයි.
මෙම උණුසුම් කාලගුණ තත්ත්වයට හේතුව අන්තර් මෝසම් සමයේදී සුළඟේ වේගය අඩු වීම බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සදහන් කළා.
මේ අතර, උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල, ගම්පහ, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් හෙට දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (05) පස්වරුවේ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම වර්ෂාව සමග මින්නේරිය වනෝද්‍යානය හරහා ගලා බසින කිරි ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි සංචාරය කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අද පැය කිහිපයක් වනෝද්‍යාන තුළ සිරවී සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.