Gossips

තවත් දැවන්තයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

ගිරාඳුරුකෝට්ටේ හිරාලගොල්ල ප්‍රදේශයේන් ඇවිදීමට නොහැකිව වැටී සිටි වන අලියෙක් හමුව තිබෙනවා.
ඒ නිවසක ගෙවත්තක පිටුපස වැටී සිටියදීයි.
ගම්වාසින් මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරුව එහි පැමිණි වනජීවි නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇත්තේ මෙම වන අලියා හක්ක පටස් ආහාරයට ගෙන ඇති බවයි.
අලියාගේ මුඛයේ අභ්‍යන්තර කොටසට මෙමගින් දැඩි ලෙස හානි සිදුව ඇතැයි එහි පැමිණි පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් ආහාර ගැනීමට නොහැකි වීම හමුවේ අලියාගේ තත්වය අසාධ්‍ය වී ඇති බව ද පශු වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
මෙම වන අලිගේ දිවි බේරාගැනීමට පශු වෛද්‍යවරු සහ වනජීවී නිලධාරීන් දින දෙකක් තිස්සේ මහත් උත්සාහයක නියැලී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අඩි 8ක් පමණ උසැති වයස අවුරුදු 20ක් පමණ වන අලියෙක්.
මාදුරු ඔය ජාතික වනෝද්‍යානය සහ වස්ගමුව වනෝද්‍යානයට මායිම පිහිටා තිබීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ වන අලි බහුලව ගැවසෙනවා.
විදුලි සැර වැදීමෙන්, වෙඩි වැදීමෙන්, හක්කපටස්, ආහාරයට ගැනීම වැනි අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ වන අලි මරණ බහුලව සිදුවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.