Gossips

තවත් දවන්තයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

ගිරාඳුරුකෝට්ටේ හිරාලගොල්ල ප්‍රදේශයේන් ඇවිදීමට නොහැකිව වැටී සිටි වන අලියෙක් හමුව තිබෙනවා.
මෙම වන අලියා හමුව ඇත්තේ නිවසක ගෙවත්තක පිටුපස වැටී සිටියදීයි.
ගම්වාසින් මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරුව එහි පැමිණි වනජීවි නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇත්තේ හක්ක පටස් ආහාරයට ගෙන ඇති බවයි.
අලියාගේ මුඛ ප්‍රදේශයේ අභ්‍යන්තර කොටසට මෙමගින් දැඩි ලෙස හානි සිදුව ඇති බවයි එහි පැමිණි පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් ආහාර ගැනීමට නොහැකි වීමෙන් අලියාගේ තත්වය අසාධ්‍ය වී ඇති බවයි පශු වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් වන අලිගේ දිවි බේරාගැනීමට පශු වෛද්‍යවරු සහ වනජීවීන් දින දෙකක් තිස්සේ මහත් උත්සාහයක නියැලී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අඩි 8ක් පමණ උසැති වයස අවුරුදු 20ක් පමණ වන අලියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
මාදුරු ඔය ජාතික වනෝද්‍යානය සහ වස්ගමුව වනෝද්‍යානයට මායිම පිහිටා තිබීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ වන අලි බහුලව ගැවසෙන බවයි වාර්තා වන්නේ.
විදුලි සැර වැදීමෙන්, වෙඩි වැදීමෙන්, හක්කපටස්, ආහාරයට ගැනීම වැනි අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ වන අලි මරණ බහුලව සිදුවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.