උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ යින් අතර තවත් සමුළුවක් පැවැත්වීම සඳහා කරුණු සොයා බැලීමට දකුණු කොරියානු නියෝජිත පිරිසක් උතුර බලා නික්මෙනවා.
එම සමුළුව උතුරු කොරියාවේ පියොංයැං නුවර දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
සිය නියෝජිත පිරිස උතුරු කොරියාවේදී දෙරට අතර සාමය තහවුරු කිරීම සඳහා මෙන්ම කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් නිරායුධ කිරීම පිළිබඳ සොයා බලන බව දකුණු කොරියානු ජනාධිපති මන්දිරය අද නිවේදනය කළා.
