Gossips

තවත් කුමන්ත්‍රණයකට සම්බන්ධ දුරකථන සංවාද නාමල් කුමාර හෙළි කරයි

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා අද තවත් කුමන්ත්‍රණයකට සම්බන්ධ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් කළා.
සිය නිවසේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නාමල් කුමාර මහතා පැවසුවේ තමන්ට චෝදනා එල්ලකරන ඩෑන් ප්‍රියසාද් මහතාද ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් නමැත්තා සමග සෘජු ගනුදෙනුවල නිරතවන බවයි.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ නාලක කුමාර මහතා හෙළිකිරීමත් සමග ප්‍රංශයේ සිට මෙරට ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණව, නිරත වූ තුෂාර පීරිස් නම් පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද අනාවරණ වුණා.
ඒ අනුව ඔහු සමග මඩකලපුව ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් නාමල් කුමාර මහතා අද මාධ්‍යයට නිකුත් කළා.
මේ අතර, මුස්ලිම් දේශපාලනඥයෙකු සහභාගී වන රැස්වීමකට පහරදීමේ සැලැස්මක් සම්බන්ධ දුරකතන සංවාදයක්ද ඔහු මාධ්‍යයට ලබාදුන්නා.
මේ අතර, වරකාපොල ප්‍ර දේශයේ පිහිටි සිය නිවසේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර මහතා ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් ඊයේ මාධ්‍යයට නිකුත් කළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ප්‍රංශයේ සිට කුමන්ත්‍රණ මෙහෙයවූ බව කියන තුෂාර පිරිස් නමැති පුද්ගලයා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.