Gossips

තවත් ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
එස්.බී. නාවින්න – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති බව සඳහන්.
මේ අතර අමාත්‍යංශ දෙකක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් දෙදෙනෙක් අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශ ලේකම්වරයා ලෙසට සුනිල් හෙට්ටිආරච්චි සහ වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසට එන් ඒ සිසිර කුමාර මෙලෙස පත්වීම් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.