Gossips

තවත් අමාත්‍යවරුන් 3 දෙනෙකු දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරුන් තුන්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නා.
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසට චමල් රාජපක්ෂ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එස් බී දිසානායක මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී තිබෙනවා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසට පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දුන්නා.
මේ අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා පත් කර තිබෙනවා.
ඇය පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.