Gossips

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි (ඡායාරූප)

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (04) දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් කර්යාලය පවසන්නේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දුන් බවයි.
වාසුදේව නානායක්කාර දිවුරුම් දී ඇත්තේ ජාතික ඒකාබද්ධතා, සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසයි.
සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තයි.
මේ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 17 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.