Gossips

තවත් අත්‍යවශ්‍ය ඖෂධ 25 ක මිල අඩු කෙරේ

තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඒ අනුව ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ සහ උපකරණ, පුරස්ථි ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායුගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල අඩු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
2016 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ද අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල අඩු කෙරුනු අතර එහිදී විවිධ වෙළඳ නාමයන්ගෙන් යුත් ඖෂධ 272 ක මිල අඩුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.