ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නියෝජිත පිරිසක් කටාරයේදී ඇමරිකානු සාම නියෝජිතයෙකු හමුවී තිබෙනවා.
ඇෆ්ගන් අරගලය අවසන් කළ හැකි ආකාරය පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කළ බවයි තලේබාන් සංවිධානය නිවේදනය කළේ.
ඇමරිකාව සහ තලේබාන් සංවිධානය අතර මෙවැනි සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටයි.
