Gossips

තලෙයිමන්නාරම මුහුදෙන් බීඩි කොළ කිලෝග්‍රෑම් 1547ක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම – මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ බීඩිකොළ කිලෝග්‍රෑම් 1547ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ගෝනි 41ක අසුරා තිබූ මෙම බීඩි කොළ සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ද උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික සෙබලූන් විසින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට එම බීඩි කොළ තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
පසුගිය දින කිහිපයේ නාවික හමුදාව තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී බීඩිකොළ කිලෝග්‍රෑම් 2787ක් මේ වන විට සොයාගෙන තිබෙනවා.