තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් තලෙයිමන්නාරම මුහුදු තීරයේ පාමුර සංචාරයක් කරන අතරතුරයි වෙරළ ආසන්නයේ පිහිටි කැලෑ රොදක සගවා තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත්තේ.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙසේ සගවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරන්නේ.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය නාවික හමුදාව විසින් මන්නාරම පොලීසියට භාරදී තිබෙනවා.
ඡායාරූප – වව්නියාව රොමේෂ් මදුශංක
