Gossips

තලෙයිමන්නාරම මුහුදු තිරයේදී බීඩී කොළ තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ 1057 ග්‍රෑම් 42ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
පෙරේදා දිනයේ ද අදාළ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ 2026 ග්‍රෑම් 84ක් සොයාගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
එම වැටලීමේදී පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුනා.
මේ අනුව පෙරේදා සහ ඊයේ දිනය තුල වැටලීම්වලින් බීඩි කොළ කිලෝ 3084 ග්‍රෑම් 26ක් සොයාගෙන ඇති අතර ඒවා ඉදිරි පරීක්ෂණ සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
මෙම බීඩි කොළ පාර්සල් වශයෙන් අසුරා තිබු අතර ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.
නාවික හමුදාව සදහන් කළේ මෙම වසරේදී පමණක් නීති විරෝධීව බීඩි කොළ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථා 10කදී සැකකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ දස දහසකට අධිකයි.