තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී බීඩිකොළ කිලෝ 912 යි ග්‍රෑම් 960 ක් සමඟ දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ගෝනි 27 ක බහා මෙම බීඩිකොළ ඊයේ මෙරටට රැගෙන විත් ඇති බවයි.
ඉන්දියාවේ සිට මේවා රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම සහ පේසාලේ පදිංචිකරුවන් වන අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
