තලයිමන්නාරම – ඌරමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.
අද උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ගෝනි 5 ක පාර්සල් වශයෙන් අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව සඳහන්.
මේවා ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.
