Gossips

තලෙයිබාන් බල කොටුවේදී, ඇෆ්ගන් සෙබලූන් 100ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් බලකොටුවක් ලෙස සැලකෙන ‘ඝස්නි’ නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළ ඇෆ්ගන් රජයේ හමුදා සෙබලූන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
ඒ පිළිබදව ඊයේ තොරතුරු අනාවරණ වූයේ ගැටුම් ආරම්භ වී දින 4කට පසුවයි.
කාබුල් අගනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍ය ‘තාරික් ෂා බරාමි’ ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදා සාමාජිකයන් 100ක් සමඟ සාමාන්‍ය වැසියන් ද 30 දෙනෙකු පමණ ඝස්නි සටනේදී මිය ගිය බවයි.
එහිදී තලෙයිබාන් සාමාජිකයන් 95 දෙනෙකු ද මිය ගිය බව ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද තලෙයිබාන් සංවිධානය එය ප්‍රතික්ෂේප කළා.