Gossips

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සාමාජිකයින් 10 දෙනෙකු මරුට

තලෙයිබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ හෙරාට් ප්‍රාන්තයේ පිහිටි ආරක්ෂක මුර පොලක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් 9 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.