Gossips

තලෙයිබාන්වරුන් රුසියාවේ සාම සාකච්ඡාවක

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නියෝජිතයින් සහ එරට සාම මණ්ඩලය අතර මොස්කව් නුවර ඊයේ පැවැති සාකච්ඡා ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබෙනවා.
ජනාධිපති අෆ්රෆ් ඝානි ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි රුසියාවේ සම්බන්ධීකරණයෙන් මෙම සාකච්ඡා ආරම්භ වූයේ.
17 වසරක සිවිල් යුද්ධය තුළ තලෙයිබාන්වරුන් මෙවැනි සාම සාකච්ඡාවකට සහභාගි වූයේ ප්‍රථම වතාවටයි.
මෙම සාකච්ඡා සඳහා චීනය, පාකිස්තානය, ඉරානය, ඉන්දියාව සහ මධ්‍යම ආසියානු රටවල් ද එක්වුණා.
කෙසේ නමුත් මෙහිදී තලෙයිබාන්වරුන් සඳහන් කර ඇත්තේ තමන් ඇෆ්ගන් රජය සමඟ නොව ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.
ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා ඉවත් කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ඔවුන් එහිදී කියා සිටියේ.