Gossips

තලාවේ බැංකු කොල්ලය පිලිබඳ විමර්ශන CID යට

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සිදුවූ දැවැන්ත මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශය CID ය වෙත භාරදී තිබෙනවා.
මේ අතර සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් අටකෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම තවමත් ගණනය කරමින් පවතින බවයි.
පසුගිය සති අන්තයේදී කිසියම් පිරිසක් එම රාජ්‍ය බැංකුවට ඇතුළු වී මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇති බවටයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ.
බැංකුවෙහි පිටුපස දොර කඩා අදාළ කොල්ලකරුවන් ඊට ඇතුළු වී ඇති අතර, පසුව එහි තිබූ සේප්පු 3ක් කඩා විවෘත කොට මෙම මුදල් සහ රන් ආභරණ කොල්ල කා තිබෙනවා.
මේ අතර සැකකරුවන් සේප්පු කැමීමට ගෙනා උපකරන අතර තිබූ ස්කුරුප්පු නියනක් හා රෙදි කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බැංකුවෙහි සවි කර තිබූ ආරක්ෂක සංඥා පද්ධතිය සහ කැමරා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.


(ඡායාරූප – තිසර සමල්-එප්පාවල)