Gossips

තලවතුගොඩ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා 10 ක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක් පුරා තලවතුගොඩ නගරයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් අටදෙනෙකු ඇතුලූ 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන දූෂණ මර්දන ඒකකය වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 20, 30 යන වයස් සීමාවල පසුවන අතර, ඔවුන් අම්පාර, මහරගම, ගාල්ල, මාතලේ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
අදාළ ආයතනය මීට පෙරද පොලීසිය වටලනු ලැබුවා.
කෙසේ වෙතත් එහිදී හිමිකරු පලාගොස් තිබූ අතර, අද සිදුකළ වැටලීමේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි වලාන දූෂන මර්දන ඒකකය සඳහන් කළේ.