Gossips

තලවතුගොඩදී ඔයකට පෙරළුණු BMW මෝටර් රථයේ තොරතුරු හෙලිවෙයි

තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.
සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමිනුයි පොලිස් මූලස්ථානය මෙම නිවේදනය නිකුත් කළේ.
ඒ අනුව අදාළ මෝටර් රථයේ හිමිකරු මාදිවෙල – සිගේරා පාරේ පදිංචිකරුවෙකු බවට තහවුරු වී තිබෙනවා.
මෝටර් රථය මේවන විට තලංගම පොලිසිය භාරයේ තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.