Gossips

තලවකැලේ ළිඳුල නගර සභා සභාපති එජාපයේ සාමාජිකත්වය ගැනීමට තීරණය කරයි

ඉදිරියේදී තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කළ බව තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල පවසනවා.
අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා කියාසිටියේ තමන් පොදුජන පෙරමුණ වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ ද එම පක්ෂ නායකයන්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කළ ප්‍රබලයන් රැසක් තමන් සමග එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා බව ද අශෝක සේපාල කියාසිටියා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට පවා අවස්ථාවක් නොදීම හමුවේ ස්වාධීනව තරග කර තලවකැලේ ළිඳුල නගර සභාවේ පාලන බලය ලබාගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
එක්සත් ජාතික පක්ෂ නායකයන් ද තමන්ට සාමාජිකත්වය ලබාදීමට එකගතාව පළකර ඇතැයි තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල කියාසිටියා.