අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් අලෙවි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ඉෂාර අනුරුද්ධ මංචනායකගේ නිවසේ සිටි අවුරුදු 11 ක පිරිමි දරුවෙකු සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
නුවරඑළිය පොලිසිය විසින් මෙම ළමයා සොයාගෙන ඇති අතර මේ වන විට ඔහු පොලිසිය භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය කියාසිටියේ.
2017 වසරේදී අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් අලෙවි කිරීම සම්බන්ධයෙන් තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති වන අශෝක සේපාල සහ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයයි ඊයේ (06) එම නියෝගය ලබාදුන්නේ.
එම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු කිරීමේදීයි නාගරික මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු හමුවී ඇත්තේ.
නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.