Gossips

තලවකැලේ ලිඳුල උප නගරාධිපතිට ඇප

අත්අඩංගුවට ගත් තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරතිදාසන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එමෙන්ම ඊට අදාළ නඩුව ලබන මස 18 වනදා යළි කැඳවන ලෙසයි නුවරඑළිය මහේස්ත්‍රාත් පබුද ජයසේකර නියෝග කළේ.
සෙන්ට්ක්ලෙයාර් වතු යායේ ඉඩම් කැබලි කිහිපයක් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව ඔහු අද අත්අඩංගුවට ගැනුනා.