Gossips

තලංගම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදුව ඇති බවට සැක

තලංගම – විමලතිස්ස මාවතේ නිවසකට අද (18) අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරය අත්වැරදීමකින් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ ස්වාමි පුරුෂයා මියගිය අතර, ඔහුගේ 48 හැවිරිදි බිරිඳ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුලුවී අඹු සැමි යුවළකට මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණා.
එහිදී බරපතල තුවාල ලැබූ 51 හැවිරිදි ස්වාමි පුරුෂයා සහ 48 හැවිරිදි ඔහුගේ බිරිඳ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඔවුන්ගේ නිවසේ තිබී වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන ජීව උණ්ඩ 02 ක් සහ හිස් පතොරම් කොපු 03ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
කෙසේ නමුත් වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.