Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ අත්අඩංගුවට

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.
තලංගම පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කාන්තාව අතැතිව තිබූ පිස්තෝලය සමගින් ජීව උණ්ඩ 5 ක්ද සොයාගත් බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා මේවන විට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ හෙට දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පහරදීම සිදුකළ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්, වෙඩි තබා ඝාතනය කෙරුණු චණ්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එම්.කේ. රංජිත් මහතාගේ පුත්‍රයායි.
සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.