Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් කාන්තාවක් සහ තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ එහි රියදුරා පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.
සැකකාර කාන්තාව දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් බවට ද අනාවරණ වී තිබෙනවා.
ඇය සහ පහර දීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
මෙම කාන්තාව සහ කැබ් රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.