Politics Sri Lanka

තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද (9) උදේ තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එම් කේ රංජිත්ගේ පුතා සහ ලේලිය බව පොලිසිය කියයි.

කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වු බස් රථයක් ධාවනය වීමට අවහිර වන සේ මාර්ගය අසල නවතා තිබු ජිප් රථයකට නලාව ශබ්ද කොට ඉඩ ඉල්ලා ඇත. එහිදී ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුකර ඇත.

අදාල බස් රථයේ රියදුරාට මන්ත්‍රීවරයා බිම පෙරලාගෙන පහරදෙන අවස්ථාවේ ඔහුගේ බිරිද පිස්තෝලයක් අතින් ගෙන පහරදීම සදහා සම්බන්දවී ඇත. මෙම පහරදීම එම අවස්ථාවේ බස් රථයේ සිටි මගියෙකු තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරඇත. පසුව තලංගම පොලීසිය මගින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් අතර පිස්තෝලය සමග ජීව උණ්ඩ 05ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.