Gossips

තරුණ ළමයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක්

තරුණ ළමයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසනවා.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (23) පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ පාසල් ළමයින් අතර දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය වැඩි වී ඇති බවයි.
සෞඛ්‍ය ආයතන තුළ දුම්කොළ සහිත නිෂ්පාදන අලෙවිය තහනම් කර ඇති නමුත්, තවමත් එම නිෂ්පාදන අලෙවි කිරීම දක්නට ඇති බවයි මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ ඊට එක්වෙමින් කියා සිටියේ.