රාජගිරිය, නාවල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි සිටි කාන්තාවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (26) රාත්‍රියේ සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ කළමනාකාරිය ලෙස කටයුතුකළ කාන්තාවක් සහ ගණිකා වෘත්තියේ නියැලී සිටි තවත් කාන්තාවන් 06 දෙකෙක් බවයි පොලිසිය පැවසුවේ.
අදාල ස්ථානය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 21, 22, 25, 29 සහ 35 යන වයස් සීමා වල පසුවන්නියන් බව සඳහන්.
ඔවුන් ඇඹිලිපිටිය, ගල්ගමුව, පොළොන්නරුව, අනුරාධපුරය, වැලිඔය සහ නාවල යන පදිංචිකාරිනියන් වනවා.
සැකකාරිනියන් අද (27) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.
