Gossips

තරුණ පෙම් යුවලක් දුම්රියට පනී – පෙම්වතිය මරුට – පෙම්වතා රෝහලේ

කුමාර කන්ද සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන අතරදී කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන 15 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය පෙම්වතා සමග අද අලූයම ඇය මෙලෙස දුම්රියට පැන ඇති අතර, මෙම අනතුරෙන් ඇගේ පෙම්වතා බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු මීටියාගොඩ – කහව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.
තරුණයා මේ වනවිට ගාල්ල – කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.