Gossips

තරුණ පරම්පරාව ගොදුරට ගන්නා ඉලෙක්ට්‍රොනික දුම්වැටි

ඊ සිගරට් නොහොත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන නාමය මෙරට ජනතාවට එතරම් හුරු පුරුදු දෙයක් නොවෙයි.
එහෙත් මේ වනවිට එම දුම්වැටි වසන්ගතයක් මෙන් මෙරට තුළ ප්‍රචලිත කිරීම සදහා ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක පිරිසක් සුක්ෂමව ක්‍රියාත්මක වෙමින් සිටින බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුණා.
ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුනේ මෙරට ඉහළ ධනපති පංතිය හා මධ්‍යම පාංතික පාසල් යන වයසේ පසුවන නව යොවුන් වියේ තරුණ, තරුණියන්.
මෙම නව ජාවාරම කොටු කර ගැනීම සදහා සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරීන් සමග හිරු සී.අයි.ඒ.කණ්ඩායම දුරකථන මාර්ගයෙන් ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධ වුණා.
ඉලෙක්ට්‍රොනික් සිගරට් ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන විකුණුම් මධ්‍යස්ථානය ලෙස ඔවුන් භාවිත කලේ කොළඹ – 07 ප්‍රසිද්ධ කාන්තා පාසලක් අසල පිහිටි දෙමහල් නිවෙසක උඩු මහලයි.
මෙම ඉලෙක්ටොනික සිගරැට් රුපියල් 4,000 සිට රුපියල් 16,000 දක්වා මිල ගනන් යටතේ අලවිකිරීම් සිදුකරනවා.
මීට යෙදිය හැකි විවිධ රසයවලින් යුතු ද්‍රාවනයන් අලෙවිකරන්නේ රුපියල් 3000 ක මුදලකටයි.