Gossips

තරුණ තරුණියන්ට නව තාක්ෂණික පුහුණුවක්

රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට තරුණ තරුණියන්ට ලබාදෙන වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ලබන වසරේ සිට දෙගුණයකින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී අන්තර්ජාතික මට්ටමේ පුහුණුවක් ලබාදීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
මේ අතර, දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු ආයතනවල ප්‍රමිතිය නියාමනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.