යාපනය, සංගුප්පිට්ටි ප්රදේශයේ දී ඊයේ (24) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් වංගුවක් ගැනීමට යාමේදී එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය ආසන්නයේ තිබූ ගලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනය, මානිප්පායි ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.