පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලීසියට කැදවා තිබූ තරුණියන් 06 දෙනෙකු එම ස්ථානයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ෆේස්බුක් සමාජජාල හරහා අසභ්‍ය ඡායාරූප හා වචන යොදා ගනිමින් එකිනෙකාට අපහාස කර ගැනීමේ සිද්ධියකට අදාළව කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.
පසුව එම තරුණියන් 6 දෙනා පොලීසියට ගෙන්වා මේ පිළිබදව කරුණු විමසා ඇති අතර, එහිදී ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති බවටයි පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එය මැඬ පැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට පොලීසියට සිදුවුණා.
එම අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1000 බැගින් මුදල් ඇප මත මුදා හැර තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේම පදිංචි එම තරුණියන් අවුරුදු 20ත්, 21ත් අතර වයස්වල පසුවන්නන්.
