Gossips

තරුණියන් රවටා මුදල් වංචා කළ විදේශිකයෙකුට වැඩ වරදී

ෆේස්බුක් හරහා තරුණියන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පලස්තීන ජාතිකයෙකු ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම පුද්ගලයා සිය සහායකයෙකු මාර්ගයෙන් කාන්තාවකගෙන් කප්පම් මුදල් ලබා ගනිමින් සිටියදී කොහුවල – රත්නාවලී පාරේ පිහිටි හෝටලයකදී පසුගිය දා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ඔහුගෙන් ලද තොරතුරු අනුව මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී මෙම පලස්තීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයෙක හිමිකරුවෙකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කර ගන්නා බවට පවසා ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප ලබාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරුව ඔහු ඒවා අන්තර් ජාලයට මුදා හරින බව පවසමින් මෙලෙස අදාළ තරුණියන්ගෙන් කප්පම් ලබාගෙන තිබෙනවා.
ඔහු එලෙස කිරුළපන ප්‍රදේශයේ තරුණියකගෙන් රුපියල් ලක්ෂ 28ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර ඇය විදේශගතව සිටින අතරතුර ඇයගේ මිතුරියකගේ මාර්ගයෙන් පොලීසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ හරහා සිදුකළ පරීක්ෂණවලදීයි මෙම පුද්ගලයා පසුගිය දා මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.