Gossips

තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයේ යොදවන සංවිධානාත්මක ජාවාරමක්

කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයට යොදවන සංවිධානාත්මක ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කර ගත්තා.
38 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වයස අවුරුදු 17ක අනියම් සැමියා සමග ගංජා, හෂීෂ් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ද තරුණියන් යොමුකරමින් මෙම ජාවාරම කලක පටන් පවත්වාගෙන ගොස් තිබුනා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන මුවාවෙන් කාන්තාවක් කලක පටන් සුක්ෂමව තරුණියන් මුදලට අලෙවි කිරීමේ මෙම ජාවාරම පවත්වාගෙන යන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුනා.
ගණුදෙනුකරුවන්ගේ ජංගම දුරකථනයට කැමති තරුණියක් තෝරාගැනීම සදහා අදාල කාන්තාව මෙලෙස ජායාරූප ද යොමු කරනවා.
ඒ අනුව තැරැව්කරුවෙකු මෙම ජාවාරම මෙහෙයවන කාන්තාව සමග දුරකථනය හරහා සම්බන්ධ වුනා.
ජාවාරම්කාර කාන්තාව එක් රැයක් ගතකිරීම සදහා තරුණියකට මිල නියම කලේ රුපියල් 40,000ක් ලෙසයි.
එම මුදලට තරුණිය ලබාගත් පසු ගණුදෙනුකරුවන්ට මෙන්ම තරුණියන්ටද ගංජා හා හෂීෂ් ලබාදීමට මෙම කාන්තාවගේ 17 හැවිරිදි අනියම් සැමියා පැමිණෙන බවයි අප කළ මුලික විමර්ශනයේදී තොරතුරු අනාවරණය වුයේ.
ඒ අනුවල හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම ජාවාරම වැටලීම සදහා වලාන දුෂන මර්දන ඒකකයේ නිලධාරීන් සමග සැලසුමක් සකස් කළා.
සැළසුම් කළ ආකාරයටම කුළී පදනම මත ලබාගත් KDH වර්ගයේ වෑන් රථයකින් අදාල කාන්තාව හොරණ – බණ්ඩාරගම ප්‍රදේශයට තරුණියන්
රැගෙන ආවා.
කුළී රථයෙන් පොලිස් නිලධාරීන් රැදී සිටි රථයට තරුණියන් ලබාගත් පසු වැටලීම සිදුකෙරුණා.
මෙහි සිටි ඇතැම් තරුණියන් පවසා සිටියේ ටෙලි නාට්‍ය රෑගත කිරීමට හා රාත්‍රී සාදවලට සහභාගී කරවන බව පවසමින් මෙම කාන්තාව තමන්ව මුලාකොට රැගෙන ආ බවයි.
ආර්ථික අපහසුතා ඇති තරුණියන්ට විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව පවසා ගණිකා ජාවාරමේ යොදවන මෙම ජාවාරමේ තවත් තොරුතුරු රැසක් මෙම වැටලීමේදී හෙළි වුනා.