බම්බලපිටියේදී තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද වසර 20 යි මාස 6 බැගින් වූ සිර දඩුවම් නියම කළා.
මෙලෙස දඩුවම් නියම වූයේ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් සහායකවරයෙකුටයි.
මීට අමතරව, දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ වන්දි මුදලක් ගෙවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේ.
