Gossips

තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙක් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.
පසුගිය 5 වනදා සැකකාර කොස්තාපල්වරයා විසින් අපයෝජනයට ලක්කර ඇත්තේ පාදයක ආබාධයක් සහිත 29 හැවිරිදි තරුණියක් බව සඳහන්.
යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක් වු තරුණිය සිය පෙම්වතා මුණගැසීම සඳහා ත්‍රිකුණාමලයට පැමිණ තිබෙනවා.
බස් නැවතුමේදී ඇය සමග මිතුරු වූ කොස්තාපල්වරයා හෝටල් කාමරයක් වෙත තරුණිය රැගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකාර කොස්තාපල්වරයා වලපනේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්.
අපයෝජනයට ලක්වූ තරුණිය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධියට අදාළව ලැබුනු පැමිණිල්ලකට අනුවයි ඊයේ රාත්‍රී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ත්‍රිකුණාමලය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.